දකුණු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ව්‍යාපෘති සඳහා

Projects | Published on October 13, 2025
ලංසු ලිපිලේඛන 2025.10.13 දින සිට 2025.10.27. දින දක්වා “පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, 5 වන මහල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල, ගාල්ල” කාර්යාලයෙන් හෝ ඒ ඒ දිස්ත්‍රික්කවලට අදාළ ප්‍ර‍සම්පාදන අයදුම්පත් අප දෙපාර්තමේන්තුවේ ගාල්ල ,මාතර හා හම්බන්තොට පිහිටි දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලවලින් ද කාර්යාල වේලාවන් තුළ දී (පෙ.ව. 9.00 සිට ප.ව.3.00 දක්වා) එක් ටෙන්ඩර් පතක් වෙනුවෙන් ආපසු නොගෙවන රු. 2,000.00ක ගාස්තුවක් කාර්යාලයේ ගිණුම් අංශයට ගෙවීමෙන් ලබා ගත හැකිය.

පිටපත් 02 කින් සම්පූර්ණ කරන ලද ලංසුපත් “මුල් පිටපත” සහ “දෙවන පිටපත” යනුවෙන් වෙන වෙනම ලියුම් කවර වල බහාලිය යුතු අතර, කවරයේ වම් පස ඉහළ කෙළවරෙහි මුල් පිටපත, දෙවන පිටපත යනුවෙන් සඳහන් කළ යුතුය. එම ලියුම් කවර දෙක එක ලියුම් කවරයක බහා මුද්‍රා තබා අදාළ කර්මාන්තයේ නම වම් පස ඉහළ කෙළවරෙහි ලියා 2025.10.28. දින පෙ.ව.11.00 ට හෝ ඊට පෙර ලැබෙන සේ “සභාපති - ප්‍රසම්පාදන කමිටුව, පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, 5 වන මහල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල, ගාල්ල” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ එම කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියේ බහාලීම සිදු කළ යුතු ය.

සියළුම ලංසුපත් 2025.10.28. දින පෙ.ව.11.00 ට විවෘත කරනු ලබන අතර, ලංසුකරුවන්ට හෝ ඔවුන්ගේ නියෝජිතයන්ට ඒ සඳහා සහභාගී විය හැකිය.
ප්‍රමාද වී ලැබෙන ලංසු ප්‍රතික්ෂේප කරනු ලැබේ.
මේ සම්බන්ධ වැඩි විස්තර දුරකථන අංක 091-2245176 හෝ 091-2223206 න් ලබා ගත හැකිය.